Metroads

|

05 Aug
Cockpit News, Political & Goverment, Forum Voices, Dr Sudath Gunasekara, Sinhala News
33 views
0 Comments

රට දැය සමය බේරා ගැනීම සඳහා අගෝස්තු 17 වන දා ඔබ කල යුත්තේ කුමක්ද? පහත සඳහන් විකල්ප 02 කියවා ඔබම තීරණය කරන්න.

ආචාර්ය සුදත් ගුණසේකර සභාපති මහනුවර සිංහල බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය
විකල්ප 1විකල්ප 2
1. නොඛෙදුනු එක් රටක් – ශී්‍ර ලංකාව
උතුරේ කංකසන්තුරේ සිට දකුණේ දෙවුන්දර තුඩුව දක්වා ද නැගෙනහිරින් මඩකලපුවේ සිට බටහිරින් පුත්තලම දක්වාද සිංහ කොඩිය ගුවනේ ළෙල දෙන ඒකීය ශී්‍ර ලංකාවක්
1. ඛෙදුනු රටක් –
ලංකාව, ඊලම සහ කලිස්ථානය
(අවසානයේදී ඉන්දියාවට එක්කෙරන තුරු)I ඊළම
දිවයිනේ වර්ග ප්‍රමාණයෙන් 1/3 ක් සහ මුහුදු තීරයෙන් 2/3 ක් සහිත පුත්තලමේ සිට යාපනය – ති්‍රකුණාමලය හරහා කතරගම දක්වා දිවෙන රටේ ජනගහනයෙන් 5% ක් පමණ වන දෙමළ ජනතාවගේ රට (නුදුරේදිම මෙම ප්‍රදේශය දකුණු ඉන්දීය තමිල්නාඩුව, අනතුරුව ඉන්දියාව විසින් ද ඉන්දියාවේ කොටසක් කරගනු ඇත.)
II කලිස්ථානය
මේ රටේ වර්ග ප්‍රමාණයෙන් 1/3 ක් පමණ වු අග්නිදිග ලංකාව (කල්මුනේ ප්‍රදේශය) මුස්ලිම් රටIII ශී්‍ර ලංකාව
රටේ ජනගහනයෙන් ඉතිරි 90% ක් පමණ වන සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයාට රටෙන් 1/3 ක් හා මුහුදු වෙරළෙන් 1/3 ක් පමණ වු නිරත දිග ශී්‍ර ලංකාව(මෙය පළමුව උතුරු නැගෙනහිර ඊලමට ද දෙවනුව ඉන්දියාවට ද යා කර ගනු ඇත.)වසර2500 ක් පැරණි සිංහල ජාතිය සහ සිංහල දේශයේ අවසානය මේ අනුව සිදු වනු ඇත. 
2. එක් ජාතියක් – ශී්‍ර ලාංකීක2. ජාතින් 3 ක්
I ශී්‍ර ලාංකීක
II දෙමළ
III මුස්ලිම්
(දේශපාලන අස්ථාවර භාවය සහිත රජයක්)(වර්ග වාදය අනුව යුධවැදි එකිනෙකා මරා ගන්නා රාජ්‍යය)
3. එකීය රාජ්‍යයක්
(දේශපාලන ස්ථාවරත්වය සහිත ශක්තිමත් රජයක්)
3. පෙඩරල් රාජ්‍යයක්
4. පරමාධිපත්‍යයක් සහිත නිදහස් ස්වාධීන රටක්4. ඉන්දියාවට හා බටහිර රටවලට යටත් දාස භාවයේ රටක්
5. නොබැදුනු විදේශ ප්‍රතිපත්තියක් සහිත රටක්5. බටහිරට ගැති විදේශ ප්‍රතිපත්තියක් සහිත රටක්
 6. එල්ටීටීඊ කොටි නැති, යුද්ධයක් නැති, බිම්බෝම්බ පිපිරීම් නැති, දොරක් දොරක් පාසා මළමීනි නැති, රටපුරා සාමය සහ සෞභාග්‍ය පැතිරුණු රටක් 6. එල්ටීටීඊ කොටි යලි පණ ලැබු, යුද්ධය සහිත, බිම්බෝම්බ සහ බෝම්බ පිපිරීම් හා රට පුරා, දොරක් දොරක් පාසා මළමිනි සහිත ලංකාවක්
 7. ගමක් ගමක් පාසා පන්සල් විහාර, රුවන් වැලි සෑය වැනි දාගැබ්, සාමාධි පිළිමය, ගල් විහාරය අවුකන වැනි පෙති පිළිම, ශී්‍ර දළදා මාළිගාව, ශී්‍ර පාදය සහ කැළණිය වැනි බෞද්ධ ස්මාරක සහිත ශී්‍ර ලංකාවක් 7. රටපුරා විසිරුණු හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි සහිත, බෞද්ධ වෙහෙර විහාර සහ ස්මාරක නැති අසිංහල අබෞද්ධ රටක්
 8. ගමට, ගැමි ජනතාවට සහ දුප්පතාට මුල් තැන දෙන අපේ කමට ගෞරවය ලබා දෙන රජයක් 8. නගරයට සහ ධනවතුන්ට මුල්තැන දෙන ගම සහ ගැමියා නොසලකා හරින පරගැතිකම රජයන රජයක් 
9. දේශප්‍රේමි ජනකාන්ත, ජනපි්‍රය එසේම ජාතියේ මුරදේවතාවුන් වහන්සේලාගේ ද තේරීම වන ජනතා නායකයෙක්
රටක මැතිවරණයෙන් පසු ලක්ෂ ගණනින් මහජනයා නිවසට පැමිණ එක හඩින් නැවත රට භාර ගන්නට කියා ආරාධනා කර එකම නායකයා
(නුතන දුටුගැමුණු – සිංහලයේ දියසේන කුමාරයා)
 9. පිටපිටම මැතිවරණ 29 ක් පරාජය වී ලෝක වාර්තාවක් පිහිටුවා ඇති, රටට හෝ ජාතියට ආදරයක් නැති, ජනතා ආකර්ශනයක් නැති එසේම කිසිදු නායකත්වයක් නොමැති පස්සා දොරෙන් ව්‍යවස්ථා විරෝධිව අගමැති පුටුවට රිංගා ගත් නාමික නායකයෙක්
I ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව අග්‍රාමාත්‍ය පදවියට පත් වු එකම පුද්ගලයා වීමෙන් සහII එසේම මැතිවරණ 29 කින් පරාජයට පත්ව තිබියදීත් තම පක්ෂයේ නායකත්වයේ රැදී සිටිමෙන් දේශපාලන ලෝකයේ ගිනස් වාර්තාවක් පිහිටුවා ඇති පුද්ගලයෙක් 
 10. අභීත ජන නායකයෙක්
දේශීය හෝ විදේශිය කුමන බලවේගයක් හෝ අභියෝගයක් ඉදිරියේ වුව ද දනින් නොවැටුණු එසේම ඉදිරියටත් නොවැටෙන උත්තුංග දේහධාරී කේසර සිංහ රාජයෙකු මෙන් සතුරා ඉදිරියෙහි කෙලින් නැගී සිටිය හැකි පෞරුෂත්වයක් ඇති තම දේශය හා ජනතාව ආරක්ෂා කොට ගැනීම සඳහා අවසන් හුස්ම දක්වා මාරයා ඉදිරියේ වුව ද නොසැලි සටන් කල හැකි අභීත ජන නායකයෙකුට රට භාරදීම.
 10. සියලූම සතුරු බලවේග ඉදිරියේ අසරණව දණින් වැටෙන, ඉන්දියාව සහ බටහිර බලවතුන් ඉදිරියේ නිවටව නියාලූව බැටළුවෙකු මෙන් හැසිරෙන,අභියෝග සහ අර්බුද ඉදිරියේ පලායන, දෙමලූන්ට හා මුස්ලිම් වරුන්ට රට විකුණා හෝ දේශපාලන බලය ලබා ගැනීමට සහ එහි රැදී සිටිමට කටයුතු කරන, මේ රට විනාශය කරා ගෙන යන දුර්වල මිනිසෙකුට රට භාරදීම.
11. දේශප්‍රේමි අභිමානවත් රජයක්
12. මාතෘභූමිය ආරක්ෂා කර ගැනීමට
 11. පරගැති, නිවට, විජාතික රජයක්
12. මව්බිම විනාශ කිරීම සඳහා
 13. මාතෘභූමිය ගලවා ගැනීම සඳහා උපන් නායකයෙක් 13. මාතෘභූමිය විනාශ කිරීම සඳහාඋපන් නායකයෙක්
 14. ක්ෂණික ප්‍රතිඵල 14. වසර 5 ක් අවසානයේ ප්‍රතිඵල දැකීම
 15. දේශප්‍රේමි සිංහල බෞද්ධයන්ගේ දියසේන කුමාරයා———————-
ඔබ තෝරා ගනුයේ විකල්ප 1 නම්
අගෝස්තු 17 වන දා පැවැත්වෙන මැතිවරණයකදී ඔබගේ ඡන්දය හා මනාපය
 එක්සත් ජනතා නිදහස් පෙරමුණට
 මහින්ද රාජපක්ෂට
 රට පුරා සිටින ඔහුගේ අපේක්ෂකයින්ට දීමෙන් මහින්ද දිවයිනේ වැඩිම මනාපය ලබන්නා බවට පත් කොට අඩුම තරමින් පාර්ලිමේන්තුවේ ආසන 125 ක් හෝ ලබා දී මේ රටත් ජාතියක් ශාසනයත් බේරා ගැනීමට පෙරමුණ ගන්නා මෙන් දේශප්‍රේමි ඔබ සැමගෙන් මව්බිමේ නාමයෙන් අපි ඉල්ලූමු.
තවත් වසර 500 කින් මෙපිට
මෙබඳු ජන නායකයෙකු මේ රටේ පහළ නොවන බවද අපි ඔබට කියමු.
 15. මාතෘභූමියේ සිංහල ජාතියේ සහ සම්බුද්ධ ශාසනයේ මළගම උදා කරන නායකයෙක්——————————
ඔබ තෝරා ගනුයේ විකල්ප 2 නම්
එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දී බොහෝ දෙනා විසින් කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල නමින් හදුන්වනු ලබන රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ අනුගාමිකයින්ට ඔබේ ඡන්දය දී මව්බිම විනාශ කිරිමේ කොටස් කාරයෙකු විමේ මහා පාප කර්මයට දායක වන්න.
 2015 අගෝස්තු 17 වන දා මව්බිමේ සහ ජාතියේ ඉරණම රැක ගැනීමේ වගකීම ඇත්තේ ඔබ අතේය.
මහින්ද රාජපක්ෂ 2009 දී අපට රැක දුන් අපේ මව්බිම ආරක්ෂා කොට ගැනීම ඔබ අප හැමගේ වගකීම නොවන්නේද?
Tags: ,