Metroads

|

18 Feb
Cockpit News, Political & Goverment, Forum Voices, Dr Sudath Gunasekara, Sinhala News
41 views
0 Comments

වතුකරයේ දෙමළ වතු කම්කරුවන් සඳහා පමණක් වෙන් වු නව දෙමළ ගම්මාන පිහිටුවීමේ වැඩ පිළිවෙල වහාම අත් හිටුවීම

Dr Sudath Gunasekara

2015-10-30
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ
ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.අතිගරු  ජනාධිපති තුමනි,වතුකරයේ දෙමළ වතු කම්කරුවන් සඳහා පමණක් වෙන් වු නව දෙමළ ගම්මාන පිහිටුවීමේ වැඩ පිළිවෙල වහාම අත් හිටුවීම සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය අහෝසි කරන මෙන් ඉල්ලීමමේ සිංහල රටේ හරි මැද වතුකරයේ වෙනම ජාතියක් වශයෙන් පෙනී සිටින දස ලක්ෂයකට අධික ඉන්දීය දෙමළ ජනයා සඳහා ස්ථීර ගම්මාන පිහිටුවීම හා ඒවා අංග සම්පුර්ණ ලෙස සංවර්ධනය කිරීම සඳහා 2015-2025 දස අවුරුදු කඩිනම්  සංවර්ධන වැඩපිළිවෙලක් කි්‍රයාත්මක කිරීමට වර්තමාන රජය විසින් දැනට ලහි ලහියේ කටයුතු කරගෙන යන බව වාර්තා වී ඇත.
නව රජය යටතේ අගෝස්තු 17 මහ මැතිවරණයට පෙර බණ්ඩාරවෙල, පන්විල, නාවලපිටිය සහ රත්නපුරය යන ප්‍රදේශවල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එවකට වැවිළි කර්මාන්ත අමාත්‍යවරයාව සිටි ලක්ෂ්මන් කිරිඇල්ල යන අයගේ ප්‍රධානත්වයෙන් දෙමළ වතු කම්කරුවන්ට සින්නක්කර ඔප්පු මත ඉඩම් දීම ද ආරම්භ කරන ලදී. 1948 සිට වසර 67 ක් තිස්සේ නොවිසදුනු ප්‍රශ්නයක් විසදී යැයි කිරිඇල්ල ඇමතිවරයා උදම් ඇනිය. තවදුරටත් මෙම වැඩපිළිවෙල යටතේ මෙකී ප්‍රදේශ වලට අ.පො.ස.(උ.පෙළ) විද්‍යා පහසුකම් සහිත උසස් විද්‍යාල 25 ක් ඇතුලූ තවත් බොහෝ වරප්‍රසාද ලබා දීමට ද ඔවුහු පොරොන්දු වුහ.
මෙම වැඩපිළිවෙල නිසා 1910 මැතිවරණයේ දී ඡන්ද 53,690 ක් පමණක් ලබාගත් කිරිඇල්ල මන්ත්‍රීවරයට 2015 දී එය 199,046 දක්වා වැඩිකර ගත හැකි විය. එසේම ඒ නිසා මධ්‍යම, සබරගමුව හා ඌව යන පළාත් තුනේම දෙමළ ඡන්ද මුළුමුනින්ම ලැබීම නිසා සියළුම ආසන එ.ජා. පක‍ෂයට ලබා ගැනීමට හැකි විය. සිංහල දේශපාලනඥයින් සුළුජන ඡන්ද ලබා ගැනීම සඳහා රට ජාතීය පවාදෙන ආකාරය පෙන්වීමට මීට වඩා හොඳ උදාහරණ අවශ්‍ය නැත.
මහ මැතිවරණයෙන් පසු මෙම වැඩපිළිවෙල කි්‍රයාත්මක කිරීම සඳහා zzකඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයZZ නම් වු කැබිනට් අමාත්‍යංශ ද පිහිටුවා පලනි දිගම්බරන් නැමැති අයෙකු විෂයබාර අමාත්‍යවරයා වශයෙන් පත්කොට ඇත.(2015-09-21 අතිවිශේෂ ගැසට් පත්‍රය) කඳුරට යන වචනය කඳුරට සිංහලයන් රැවටීම සඳහා ඇස් බැන්දුමක් වශයෙන් මෙහි යොදා ඇතත්, ඇත්ත වශයෙන්ම මෙම අමාත්‍යංශය පිහිටුවා ඇත්තේ වතු දෙමළ ජනයාගේ සංවර්ධනයට හා යහපතට පමණක් බව එහි විෂය පථයෙන් මෙන්ම දෙමළ අමාත්‍යවරයෙකු පත්කොට තිබීමෙන් ද පැහැදිළි වේ.  
1848 මාතලේ නිදහස් සටනින් පසු මේ රටේ සටන්කාමී සිංහලයින් මර්ධනය කිරිම සඳහා දිර්ඝ කාලීන හා නොවරදින වැඩ පිළිවෙළක් වශයෙන්, ඉතිහාසය පුරාම සිංහලයින්ගේ පරම සතුරන් වු, දකුණු ඉන්දීය දෙමළ ජනයා ගෙන්වා මේ රට මැද වතුකරයේ පදිංචි කළ යුතු බවට ටොරින්ටන් සාමිවරයා විසින් බි්‍රතාන්‍ය රජයට කරන ලද යෝජනාවක් අනුව, සිංහල රාජ්‍ය විනාශ කිරීම සඳහා මෙහි ගෙන්වා පදිංචි කරන ලද පර දේශක්කාරයින් තවදුරටත් සවිබල ගැන්වීම සඳහා 1815 ආක්‍රමණිකයින් වු බි්‍රතාන්‍ය ඇතුලූ යටත් විජිත වාදින්ගේම උපදෙස් මත මෙම නව අමාත්‍යංශයද පිහිටුවා ඇති බව අපගේ විශ්වාසයයි. බහුතරයක් විසින්ම තම ඡන්දයෙන්ම පත් කර ඇති රජයක් විසින් දැනට ආරම්භ කොට ඇති ඉහත සඳහන් වැඩ පිළිවෙල පිළිබඳ සමස්ථ උඩරට ජනතාව තුලම මතු වී ඇති බලවත් විරෝධය කෙරෙහි ඔබතුමාගේ දැඩි සහ ක්ෂණික අවධානය මින් යොමු කරමු.
තවමත් සිහිනෙන් පවා ඉන්දියාව තම මව් රට වශයෙන් සලකන, දෙමළ කථා කරන, මේ රටෙන් යැපුන ද, තවමත් සෑම අතින්ම ඉන්දීය ජාතිකයින් මෙන් කන, බොන, අදින, පලඳින, කථා කරන හා හැසිරෙන එසේම උතුරු නැගෙනහිර සිටින දෙමළ ජනයා සම`ග එක්ව මේ රට තුළ වෙනම දෙමළ රාජ්‍යයක් බිහි කිරීමට දිවා රාත්‍රි කුමන්ත්‍රණය කරන අර අඳින දෙමළ මිනිසුන් දස ලක්ෂයකට අධික පිරිසකට, මිහිතලය මත සිංහලයින්ට ඇති එකම රට වු මෙම කුඩා දිවයිනේ, ජාතියේ හදවත බ`දු කන්ද උඩරට, මේ අන්දමින් පිටරටකින් ගෙනවිත් පදිංචි කරන ලද වතු දෙමළ ජනයාට සින්නක්කර ඔප්පු පිට ලියා දීමට ඔබගේ රජය තීන්දු කිරීම පිළිබඳව සමස්ථ කන්ද උඩරට ජනතාවම පසුවනුයේ දැඩි කෝපයෙන් හා කළකිරීමෙනි. මෙය අංක එකේ දේශද්‍රොහි හා ජාතිද්‍රොහි කි්‍රයාවක් වශයෙන් ඔවුහු දකිති.
බි්‍රතාන්‍යයන් විසින් වතුකරයේ දෙමළ ජනයා පදිංචි කිරීමේ අරමුණ, වතු ජනතාවගේ ආකල්ප, කි්‍රයාකාරකම් සහ අනාගත බලාපොරොත්තු පිළිබඳ ගැඹුරින් සලකා බලන විට මේ අන්දමින් තනි දෙමළ ගම්මාන රට මැද පිහිටුවා සිංහලයින්ගේ මව්බිමේ අයිතිය ඔවුන්ට අහිමි කොට, විශේෂයෙන්ම දෙමලූන් සතු කිරීම  නුදුරු අනාගතයේදී ඉතාමත් භයානය ප්‍රතිඵල ගෙනදෙන, සිංහල ජාතිය විනාශ කරන අදුරදර්ශි පටු දේශපාලන තීන්දුවක් බව අවධාරණය කල යුතුය. එසේම එයට වග කිව යුත්තන් මේ රටේ සිංහල ජනතාවගේ සදාකාලික සාපයට ලක්වන කි්‍රයාවකි.
මේ රටේ ඉතිහාසය පුරාම සම්බුද්ධ ශාසනයත් එසේම රාජ්‍යයත් ආරක්ෂා කිරීම බෞද්ධ භික්ෂුන් වශයෙන් අපගේ පරම යුතුකමක් වු බැවින් මෙම තීරණාත්මක අවස්ථාවේදී ද රාජ්‍ය නායකයින්ට සිදු විය හැකි ජාතික විපත පෙන්වා දී යලිත් රට ජාතිය හා සම්බුද්ධ ශාසනය බේරා ගැනීම අපගේ ජාතික මෙන්ම ශාසනික යුතුකමක් වන්නේය. එය අද අප ඉටු නොකළහොත් අනාගත පරම්පරාව අපට ද සාප කරනු ඇත.
වසර 2500 කට අධික කාලයක් පුරා මේ රට තුළ ශිෂ්ටාචාර ගොඩ නැගුවා වු ද, පරසතුරු උවදුරු ඉදිරියේ ලක‍ෂ සංඛ්‍යාත ජිවිත පරිත්‍යාගයෙන් ආක්‍රමණිකයින්ට එරෙහිව සටන් කොට රට රැක ගත්තා වූ ද, එසේ වුව ද 1815 සිට මේ දක්වා පාරම්පරික ඉඩකඩම් ඇතුලූ තමන්ගේ සියලූ අයිතිවාසිකම් අහිමිවී තම මව්බිමේම අනාථයින් පිරිසක් බවට අද පත්ව සිටින්නාවූ ද, දේශයේ පරම අයිතිකරුවන් වන උඩරට සිංහල බෞද්ධ ජනතාවගේ අහිමිවූ එම ජන්ම අයිතිවාසිකම් නැවත ලබාදීමට, නිදහස ලබා වසර 67 ක් ගතව ඇතත් කිසිම රජයක් තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. එසේ තිබියදී ඉතිහාසය පුරාම ඔවුන්ට අයිතිව තිබුණ පාරම්පරික ඉඩම්වල, සුද්දන් විසින් වවන ලද තේ වතු අධිරාජ්‍යයේ වහල් මෙහෙයට දකුණු ඉන්දියාවෙන් මෙහි ගෙන ආ පරම සතුරු කුලී හමුදාවකට, ඡන්දය ලබා ගැනීම එකම අරමුණින් ඔබගේ රජය සිංහලයින්ගේ මව්බිම මේ අයුරින් කඩිමුඩියේ පාවාදීම මින්පෙර පැවති කිසිම රජයක් නොකල පාවාදීමකි. ඒ  පිළිබඳ කන්දඋඩරට ජනතාවගේ දැඩි විරෝධය හා අප්‍රසාදය අප වෙත යොමු කොට ඇති බැවින් දැනට ඔබ රජය විසින් ක්‍රියාවට නංවා ඇති යතෝක්ත වැඩපිළිවෙල වහාම අත්හිටුවන මෙන් අපි රජයට මෙයින් බලකර සිටිමු.
එසේ නොකළහොත් දැනට රටතුළ පවත්නා දේශපාලන වාතාවරණය තුළ සමස්ත උඩරට ප්‍රදේශය පුරාම අප කිසිවෙකු නොසිතු අන්දමේ, එසේම රජයට පාලනය කිරීමට නොහැකි භයානක දේශපාලන, සමාජ කැරලි කෝලාහල පවා ඇතිවීමේ දැඩි අවදානමක් ද ඇති බව පෙන්වා දිය යුතුව ඇත.
එසේ වුවහොත් රජයේ ස්ථාවර භාවයට මෙන්ම රටේ සාමය හා අනාගතයට ද දැඩි හා භයානක තර්ජනයක් ඇති වනු නොඅනුමානය. තවද මේ  රටට ආගන්තුක වු ඇත්තවශයෙන්ම ඉන්දියාවේ හෝ බි්‍රතාන්‍යයේ පුරවැසියන් විය යුතු දෙමළ වතුකම්කරුවන්ගේ ශ=භසිද්ධිය සඳහා කුමන හෝ වැඩසටහනක් ගැන සිතීමට පෙර මේ රටේ සැබෑ උරුමකරුවන් වන සමස්ථ ජන ගහනයෙන් 75% වු සිංහලයින්ගේ ජන්ම අයිතිවාසිකම් සුරැකෙන පරිදි කටයුතු කිරීම ඕනෑම රජයක පරම වගකීම සහ යුතුකම බව පෙන්වා දෙනු කැමැත්තෙමු. එසේ කිරීමෙන් පසු උඩරට ප්‍රදේශයේ අනාගත තිරසාර සාමය සහ සංහිදියාව තහවුරු කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට ද වහාම පියවර ගන්නා මෙන් අපි රජයට  යෝජනා කරමු.
1ග    දැනට වසා දමා ඇති උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව සහ අධිකාරිය වෙනුවට 1951 ප්‍රකාශයට පත් කරන ලද උඩරට ගැමි කොමිසමෙන් යෝජිත මෙතෙක් ක්‍රියාත්මකකොට නැති පුර්ණ බලය සහිත උඩරට සංවර්ධන අධිකාරිය වහාම පිහිටුවීමට පියවර ගැනීම සහ උඩරට සිංහල ජනතාවගේ, ඉඩම් නොමැතිකම, මංමාවත්, වාරිමාර්ග, අධ්‍යාපන, සෞඛ්‍ය, දරිද්‍රභාවය සහ සමාජ ආර්ථීක ගැටලූ විසඳීම සඳහා වහාම පියවර ගැනීම2ග    1954 නේරු/කොතලාවල ගිවිසුමේ ප්‍රකාර පමණක් වතුකර දෙමළ ජනතාවගේ රටවැසි ප්‍රශ්නය නිශ්ඨාවට විසඳීම. (වතුකම්කරුවන් දේශයේ භාෂාව (සිංහල) ඉගෙන වසර 10ක් ඇතුලත ස්වදේශීය සමාජයට අන්තර්ග්‍රහනයවීම සහ එසේ අන්තර්ග්‍රහනය වීමට සූදානම් නැති සියලූ දෙනාම සිය මව්රට වන ඉන්දියාවට ආපසු යැවීම ඉන් යෝජිතය.)3ග    1956 න් පසු 1962-64, 1977/87 ආදි වශයෙන් විවිධ අවස්ථාවලදී 1954 නේරු/කොතලාවල ගිවිසුමට පටහැනිව, වතු ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා දේශද්‍රෝහි, බලලෝභි දේශපාලනඥයින් විසින් වරින් වර නීති විරෝධිව පිරිනමා ඇති සියලූ රටවැසිකම් අහෝසිකොට 1954/නේරු/කොතලාවල ගිවිසුමේ ප්‍රකාර නැවත රටවැසිකම් ලබාදීමට ක්‍රියාකිරීම සහ එම වැඩපිළිවෙල පිළිගැනීමට සූදානම් නැති සියලූ දෙනාම ඉන්දියාවට යැවීම.
(මේ අනුව රටවැසිභාවය නොලබන කිසිම අයෙකුට ලංකාවේ කිසිම තැනක භූමියේ අයිතිය ලබා නොදිය යුතුය.)
4ග    ඉහත 3 ප්‍රකාර රටවැසිකම් ලබන වතුකම්කරුවන් සහ ඉඩම් නොමැති උඩරට වතු ආශ්‍රිත ගම්වල සිංහලයින් ගම් පුළුල් කිරීමේ පදනම යටතේ මු ම අඩි 5000 ට පහල තෝරාගත් සීමාන්තික තේ වතුවල මිශ්‍ර ගම්මාන වශයෙන් පදිංචි කොට සමාජ අන්තර්ග්‍රහනය තහවුරු කිරීම
මෙම කරුණු 4 සම්පූර්ණ වූ පසු මධ්‍ය කඳුකරයේ zඉන්දීය දෙමළ ප්‍රශ්නයZ සදහටම විසඳී අවසාන වනු ඇත. එසේම තවදුරටත් ඉන්දියාවට ආලවන්තකම් නොදක්වන සිංහලේ වැසියන් බවට ඔවුන් පත්වනු ඇත.
ඒ සමඟම මුහුදු මට්ටමෙන් අඩි 5000 ට ඉහලින් පිහිටි සියලූම ඉඩම් රජයේ අධි ආරක්ෂිත හා රක්ෂිත වනාන්තර වශයෙන් ප්‍රකාශ කොට මධ්‍යම කඳුකරය සහ  එහි පිහිටි භූමිය, වනාන්තර, ගංගා සහ ඇළදොළ ඇතුළු පෝෂක  ප්‍රදේශ ආරක්ෂා කොට ගැනීමට ද වහාම පියවර ගත යුතුය.  එසේ කල යුත්තේ මේ රටේ සමස්ත ජීවී පද්ධතියේ සහ ශිෂ්ඨාචාරයේම පැවත්මේ පදනම මධ්‍යම කදුකරය වන බැවිනි.
ඉහත සඳහන් වැඩපිළිවෙල කි්‍රයාත්මක කිරීම සඳහා
පළමුව උඩරට ජනතාවට වසර 500 කට අධික කාලයක් පුරා සිදු වී ඇති ෙඓතිහාසික අසාධාරණකම් දැන්වත් නිවැරදි කිරීම සඳහා පුර්ණ බලැති අමාත්‍ය මණ්ඩල මට්ටමේ අමාත්‍යංශයක් ජනාධිපති වරයා යටතේ පිහිටුවා
දෙවනුව එම වැඩපිළිවෙල කි්‍රයාත්මක කිරීම සඳහා අපගේද අනුදැනුම හා අනුමැතිය ඇති උඩරට ප්‍රදේශ සහ එහි වැසියන්ගේ ගැටලූ පිළිබඳ මනා අවබෝධයක් ඇති එම ප්‍රදේශයේ පුද්්ගලයින් ගෙන් සමන්විත වන පරිදි මණ්ඩලය පත්කොට
ඉහත අංක (1) යටතේ යෝජිත කි්‍රයා මාර්ග ගැනීමට කි්‍රයා කරන මෙන් ද තවදුරටත් අපි යෝජනා කරමු.
මේ වගට සාසනාලයෙන්,

ඉල්ලීම්,දැනුම්දුන් හා ක්‍රියාත්මක කිරීම

අතිගරු තිබ්බටුවාවේ ශී්‍ර සිද්ධාර්ථ සුමංගල          අතිගරු රාජකීය පණඩිත ගලගම ශී්‍ර අත්තදස්සි
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ               සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක ස්ථවිර
මහා නායක ස්ථවිර                 අතිගරු පණ්ඩිත දවුල්දෙන ශී්‍ර ඥානිස්සර           අතිගරු අග්ගමහා පණ්ඩිත නාපාන ප්‍රේමසිරි
ශ්‍රී  ලංකා අමරපුර මහා සංඝසභාවේ               ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්ථවිර
උත්තරීතර මහා නායක ස්ථවිර         

Tags: ,