Metroads

|

10 May
Dr. Dammika Wijerathna
28 views
0 Comments

ත්‍රිපිටකයේ එන කැටකිරිල්ල ගේ කතාව !

This image has an empty alt attribute; its file name is untitled.jpg

එකපාරටම උකුස්සෙක් බිමට පැනලා කැටකිරිල්ලක්ව අල්ලගත්තා. ඌ ඉවතට රැගෙන යන විට ඌ කෑගැසුවේ, ‘මගේ භූමියෙන් පිටව අනුන්ගේ වසමක සැරිසැරීම හේතුවෙන් මට මේ දඬුවම ලැබුණු බව. “මම ඉතා අවාසනාවන්තයි, අවාසනාවන්තයි. අද මම මගේම මාතෘ භූමියේ, මගේ තාත්තලාගේ වසමේ සැරිසැරුවා නම්, මේ උකුස්සාට මා සමඟ සටන් කර ජයගැනීමට ලැබෙන්නේ නැහැ.” යනුවෙන් ඌ කෑගසන්නට වුනා.

“උඹේ පියවරුන්ගේ වසම කුමක්ද” උකුස්සා ඌ රැගෙන යන ගමන් ඇසුවා.

‘එය පස් කැටවලින් වැසී ගිය සීසාන කෙතක්.’ කැටකිරිල්ල කියුවා.

තමාගේ ශක්තිය ගැන දැඩි උන්මාදයෙන් සිටි උකුස්සා කැටකිරිල්ල නිදහස් කොට ඇයට විවෘත අභියෝගයක් කළා. “උඹ කොහේ හිටියත් මගෙන් නම් උඹ ගැලවෙන්නෙ නෑ. පුලුවන්නම් දැන් සැඟවී ජීවිතය බේරා ගනිං”!

බිම වැටුණු කැටකිරිල්ල වහා සී සෑම කර තිබු හිස් කුඹුරකට දිව ගියා. එහි තිබු තරමක් විශාල වූ පස් කැටයක් මත නැඟ ගත් ඌ එහි සිටගෙන, උකුස්සාට මෙසේ කීවා: ‘වරෙන්,  මාව ගනිං’

තම ශක්තිය ගැන දැඩි විශ්වාසයෙන් සිටි උකුස්සා ධෛර්යවත් වී ක්ෂණිකව කැටකිරිල්ල මතට විදුලි වේගයෙන් පැන්නා. උකුස්සා ළඟ ළඟ බව දැනගත් කැටකිරිල්ල වහා එම පස්කැටය යටට ලිස්සා ගියා. වේගය පාලනය කරගත නොහැකි වූ උකුස්සා පොලවේ හැපී ඒතැනම මිය ගියා.

ඔබ ඔබේ ප්‍රදේශයෙන් පිට වී අනුන්ගේ වසම් තුළ සැරිසරන විට සිදු වන්නේ එයයි.

(සංයුක්ත නිකාය)

ඔබ ලොව කොහේ සිටියත් ඔබේ මව්බිම තරම් ඔබට රැකවරණය දෙන වෙන තැනක් ලොව කොහෙවත් නැහැ. ඕනෑම වූ අවදානමකට, ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දිය හැකි එකම තැනයි ඔබ උපන් මව්බිම. ඒ නිසා මව්බිමට පණ මෙන් ආදරය කරන්න. මව්බිම පණ මෙන් රකින්න.

(බෙංගමුවේ නාලක හිමි)

The story of Katakirilla in Tripitaka!

Suddenly a hawk jumped down and caught a quail. As it was led away, it cried, ‘I have received this punishment for wandering out of my territory and into the domain of others. “I am very unfortunate, unfortunate. Had I wandered today in my own motherland, in the domain of my fathers, this hawk would not have fought with me and won.” He started shouting.

“What is the domain of your fathers?” asked the hawk as he carried it.

‘It is a plowed field covered with clods,’ said the quail.

The hawk, who was crazy about his strength, released quail and gave her an open challenge. “No matter where you are, you will not escape from me. If possible, hide now and save your life”!

The quail that fell on the ground immediately ran to an empty field that had been sown. He stood there on a fairly large lump of earth, and said to the hawk: ‘Take me, sir.’

Confident in his strength, the hawk took courage and instantly leaped onto the pebbles with lightning speed. Knowing that the hawk was near, the quail immediately slipped under the clod. Unable to control the speed, the hawk hit the ground and died on the spot.

That’s what happens when you step out of your territory and wander into other people’s domains.

(Sanyuktha Nikaya)

No matter where you are in the world, there is no other place in the world that will protect you as much as your motherland. Your native land is the only place where you can successfully face any risk, any challenge. So love your motherland dearly. Keep the motherland safe like you safeguard your life.

(Nalaka Thero)

The Power of Story for you Life-Dr Dhammika

Tags: , ,